
ලබන සඳුදා දිනයේ සිට කොවිඩ් වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරයි. ඒ අනුව 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
සෞඛ්‍ය නිර්දේශ ලැබීමත් සමඟ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කළ අතර මේ වන විටත් ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී. ඒ අනුව ඉදිරියේදී
පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා
අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් මේ වනවිටත් අවධානය යොමු කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.