86 views 0 secs 0 comments

2024 මහ මැතිවරණයේ අගමැතිනියගෙන් ඉතිහාසගත් වාර්තාවක්..

In Local News
November 15, 2024

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.
මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.

මීට පෙර 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය.