94 views 0 secs 0 comments

හෝමාගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

In Local News
November 15, 2024

ඊයේ (14) රාත්‍රියේ හෝමාගම පොලිස් වසමේ ගලවිලවත්ත ප්‍රදේශයේ නිවසක නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදුකල වෙඩි තැබීමකින් එම නිවසේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.
තුවාලකරු 54 හැවිරිදි ඩොරින්වත්ත, රෝහල පාර, හෝමාගම පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නොමැති අතර හෝමාගම පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරගෙන යන බව වාර්තා වේ.