23 views 0 secs 0 comments

සැප්තැම්බර් ඉන්ධන මිල සංශෝධනය – පෙට්‍රල් හා ඩීසල් මිල පහතට

In Local News
September 01, 2025

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව සිපෙට්කෝ විසින් සිදු කරන මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව, සැප්තැම්බර් මාසයේ මිල ගණන් යළි සකස් කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341ක් ලෙස යථා තත්වයේ පවතින අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් පහළ දමා රුපියල් 299ක් බවට පත්ව ඇත.

තවද ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් පහත දමා රුපියල් 283ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ දමා රුපියල් 313ක් ලෙසත් නව මිල නියම කර ඇත.

එසේම භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු වී නැති බව ද සිපෙට්කෝ සමාගම පවසයි.