ඉන්දුනීසියාවේ භූකම්පනයක්. ශ්‍රී ලංකා වෙරළබඩ ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි…

In Local News
November 27, 2025

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක තීව්‍ර භූකම්පනයක් අද (27) සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.26ට, කිලෝමීටර් 25ක් ගැඹුරින් මේ භූ කම්පනය ඇතිව තිබේ.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා වෙරළබඩ හා ආසන්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව මෙයට සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි.

කෙසේ වෙතත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් මේ සිදුවීමෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන් වේ.