බස්නාහිර පළාත් කසළ ගොඩකිරීම් සති තුනකින් ඉවත් කිරීමට උපදෙස්…

In Local News
December 04, 2025

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අද (04) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රැස්වීමේදී, ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩගැසුණු කසළ සති තුනක් ඇතුළත ක්‍රමවත් ලෙස ඉවත් කිරීම අවශ්‍ය බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

ඉක්මනින් කසළ ඉවත් කර ගැනීම සඳහා ඉඩම් සංවර්ධන සංස්ථාව සතු කෙරවලපිටිය අක්කර පහක ජනනියමිත ඉඩමක් ලබා දී ඇති අතර, එමඟින් දැන් ගොඩගැසෙන කසළ ගැටලුවකට විසඳුම ලැබීමට හැකි බව කමිටුව තීරණය කළේය.

එම ඉඩමේ ගබඩා වන කසළද පියවරෙන් පියවර ඉවත් කිරීමට අදාළ ආයතන එකඟ වී තිබේ.