සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් ලෙස ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (4) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.
පසුගිය නොවැම්බර් 16 සිට අද පස්වරු 7.00 දක්වා වූ කාලය තක්සේරු කර සකස් කළ දත්ත අනුව මෙම සංඛ්‍යාන නිකුත් කර තිබේ.
නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පුද්ගලයින් 341ක් තවමත් අතුරුදන්ව ඇති බවයි.
තවද පවුල් 51,023ක පුද්ගලයින් 171,778ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන වල රැඳී සිටින බවද එම නිවේදනය සදහන් කරයි.
