160 views 0 secs 0 comments

නවසීලන්ත මහ කොමසාරිස් හා අනුර කුමාර අතර සාකච්ඡාවක්

In Uncategorized
August 04, 2022

අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් සිදුවිය.
මේ වන රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. මෙම හමුවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ ට්‍රැවලර් මහතා සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මහත්මියද එක්ව සිටියහ.