166 views 0 secs 0 comments

බොරතෙල් මිල පහලට…

In Uncategorized
May 30, 2023

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් ඇති අතර එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මතගැටුම සමනයවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වෙයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබූ අතර සමස්තයක් වශයෙන් බොර තෙල් මිල 2%කින් පමණ පහළගොස් ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියා.