165 views 0 secs 0 comments

වෛද්‍ය ෂාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ භාර ගනී…

In Local News
May 30, 2023

අද (30) සිට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කර තිබෙනවා.

ඒ ඔහු නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමු කිරීම්‍රන් අනතුරුවයි.

වෛද්‍ය ෂාෆිට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇති අතර ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කළ විද්වත් කමිටුවක සොයාගැනීම් මත මෙම තීරණය ගෙන ඇති බව එම ලිපියේ සඳන් තිබිණි.

සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා සඳහන් කළේ කමිටු වාර්තාවට අනුව, ලිඛිත හා වාචික සාක්ෂි චෝදනා සනාථ නොකළ හෙයින් අදාල විනය ක්‍රියාමාර්ග අවසන් කල බවයි.