176 views 0 secs 0 comments

ආනයනික පළතුරුවල ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්යයි….

In Local News
May 30, 2023

ජුනි 01 දා සිට ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කර තිබේ.
මෙරටට ආනයනය කරන ඇතැම් පළතුරුවල බැර ලෝහයක් වන ඊයම් අන්තර්ගත බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
2021 – 2022 අතර කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය කළ ජාතික ආහාර හා සුරක්ෂිතතා සමීක්ෂණයේදී ඒ බව අනාවරණ වී ඇත

මෙම තත්ත්වය මහජන සෞඛ්‍යට හානිකර බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.