සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් තම මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට තරග කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (11) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවති ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ, අදාළ මන්ත්‍රීවරුන් පළාත් සභා මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත්තේ සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් බවත්ය.
අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් සඳහන් කළේ,
“කැප කිරීම් කරලා, පරිත්‍යාග කරලා කුමක් උදෙසාද? පළාත් සභාව ජයග්‍රහණය කරන්න. පක්ෂය ජයග්‍රහණය කරන්න. විපක්ෂයේ සිටින මොහොතක ඒ වගේ මහා පරිත්‍යාගයන් සිදුවන අවස්ථා බොහොම දුර්ලභයි. ඒ පරිත්‍යාගයන් කරන්නේ නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන්ය.”
