22 views 0 secs 0 comments

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනය බලා පිටත් වෙයි..

In Local News
October 12, 2025

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (11) රාත්‍රීදී චීනයේ බීජිං නගරයේ පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයක් අනුව අග්‍රාමාත්‍යවරිය අද සිට ලබන 15 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

එහිදී, ඇය “එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන සමුළුව ඇමතීමට ද නියමිත අතර, එය චීන රජය සහ බීජිංහි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම සංචාරය අතරතුර මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකටද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.