Connect with us

Local News

ජාතික ගීය ගායනයට රුපියල් ලක්ෂ 18ක් – ජනාධිපති

Published

on

නිදහස් සමරුව සම්බන්ධයෙන් නිලධාරීන් සමග අද (26) පැවති සාකච්ඡාවකදී 75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වූ මෙම සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“සමහර ඇස්තමේන්තු ගැන මම පුදුම වුණා. ඩී.එස්. සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000ක්.
එ.ජා.ප.යෙන් කරද්දි වියදම් කළේ මල්මාලාවලට විතරයි. මම දන්නේ නැහැ රුපියල් 97,000 ක් වුණේ කොහොමද කියලා. ජාතික ගීය ගයන්න රුපියල් ලක්ෂ 18ක් ඉල්ලලා. අපි නම් ඉස්සර කළේ.. ප්‍රවාහන දීමනා සහ ආහාර දුන්නා. ලේකම්තුමා මේ වියදම් ගැන බලන්න ඕනේ.”

“මම උදාහරණයක් කියන්නම්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ප්‍රසංගයක් කරනවා. ඒකට අවශ්‍ය මුදල් ඒ අයම හොයාගන්නවා. අපි දෙන්නේ නෙළුම් පොකුණ නොමිලේ දෙන එක විතරයි. අන්න එහෙම අපි වැඩකටයුතු කරන්න ඕනේ.”

“75 වන සංවත්සරය තියන්න ඕනේ. අපි ඒක කරන්නේ නැත්නම් රටටටයි හොඳ නැත්තේ. ලෝකය කියයි මේක කරන්නත් සල්ලි නෑ කියලා. ආයෝජකයෝ, සංචාරකයෝ ගේන්න නම් මේ වගේ වැඩ කරන්න ඕනේ.”

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

පෙර දැනුම්දීමකින් තොරව වසා දැමූ ඇඟලුම් කර්මාන්තශාලාව..

Published

on

By

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව පූර්ව දැනුම් දීමකින් තොරව වසා දැමීමෙන්, එහි සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමිවී ඇති බව වාර්තා වේ.

මේ වන විට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර එහි ආරක්ෂක නිලධාරීන් පමණක් රැඳී සිටින අතර මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.

Continue Reading

Local News

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දින 4ක සංචාරයක් සඳහා දිවයිනට..

Published

on

By

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා 2025 මැයි 24 සිට 28 දක්වා ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සිදු කිරීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ හමුවී ද්විපාර්ශ්වික සබඳතා තරම් දියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය එච්.එම්. විජිත හේරත් මහතා සමඟ වෙළඳ, ආයෝජන, කෘෂිකර්මාන්ත, අධ්‍යාපනය, සංචාරක, ක්‍රීඩා සහ සන්නිවේදන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡා පවත්වනු ඇත.

විනිසොන් පීටර්ස් මහතාගේ සංචාරය තුළ ඔහු පෞද්ගලික අංශ නියෝජිතයින් හා මාධ්‍ය නියෝජිතයින් several ක්‍රියාකාරකම්වලටද සහභාගී වීමට නියමිතය.

ඔහු සමඟ නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකුද ශ්‍රී ලංකාවට පැමිණෙයි.

මෙම සංචාරය නවසීලන්ත-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් විය හැක.

Continue Reading

Local News

රාජ්‍ය ආයතන කිහිපයකට නව පත් කිරීම් කිහිපයක්…..

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් රාජ්‍ය ආයතන කිහිපයකට නව පත් කිරීම් කිහිපයක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එහි ප්‍රධානතමය වශයෙන්, ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කර ඇත.

තවද, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා පත්කර ඇත.

උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධුරය සඳහා තනුජා මුරුගේසන් මහත්මිය පත්කර ඇති අතර, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත්කර තිබේ.

ආචාර්ය ජිනදාස මහතා රසායනික විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධියක්, ආහාර විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ ධීවර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමායක් හිමි කෙනෙකි. ඔහු දකුණු ආසියාවේ එක්සත් ජාතින්ගේ ජෛව වෛද්‍ය ව්‍යාපෘති කාර්යාලයෙහි ඉංජිනේරුවරයකු ලෙසද කටයුතු කර තිබේ.

මෙම පත්විම් සඳහා ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බාර දෙන ලදී.

Continue Reading

ප්‍රවණතාවන්