
අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් පැවැත් වූ අතර එහිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමුකර තිබුණි.
ඊට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබුණද සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය සහභාගි නොවීම විශේෂත්වයකි.