170 views 0 secs 0 comments

සංශෝධිත බස් ගාස්තු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අද සිට..

In Local News
August 09, 2022

අද (09) සිට සංශෝධිත බස් ගාස්තු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

සියලුම බස් රථවල නව බස් ගාස්තු සංශෝධනයට අදාළ මිල ගණන් ප්‍රදර්ශනය කළ යුතු බව අධ්‍යක්ෂ ජනරාල් ආචර්ය නිලාන් මිරින්ඩා මහතා සඳහන් කර සිටි නමුත්, මේ වන තෙක් බස් රථවල එම මිල ගණන් නිසි ලෙස ප්‍රදර්ශනය නොකරන බවද ඔහු පෙන්වා දුන්නා.ඒ හේතුවෙන් අද දිනයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම මිල ගණන් ප්‍රදර්ශන දැන්වීම් බස් රථවල ඇළවීම සිදු කරන බවත්, එමගින් මගී ජනතාවට තමන්ගේ ගමනාන්තයට අදාළ මිල ගණන් දැක ගැනීමට හැකියාව ලැබෙන බවත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියා.