238 views 0 secs 0 comments

මෙරටට ලැබෙන සහනදායී ණය මුදල වැඩි කිරීමට ADB පොරොන්දු වෙයි..

In Local News
October 06, 2021

ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති හමුවේ දී, ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ලබාදෙන සහනදායී ණය මුදල ලබන වසරේ දී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල්, කෙනිචි යොකෝයාමා පවසනවා.

පසුගිය වසරේ දී මෙරටට ලබාදී ඇති සහනදායී ණය මුදල ඩොලර් මිලියන 750ක් බවයි ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.