641 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 6ක්…

In Health, Local News
February 17, 2021

ඊයේ (16) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 409ක් දකවා ඉහල ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නයිනමඩම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.