177 views 0 secs 0 comments

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත අධ්‍යනයට තේරීම්කාරක සභාවක්…

In Local News
June 18, 2024

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව අද (18) පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.