201 views 0 secs 0 comments

එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳ සාකච්ඡාවක්…

In Local News
October 27, 2021

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන් සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ප්‍රායෝගික හේතූන් මත මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීම ඉතා වැදගත් බවයි.
වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ මෙම කරුණු පිළිබඳව නිසි අවධානයක් යොමු කර සොයා බැලුවහොත් අදාළ තීරණය ඉදිරියේදී ගන්නා බවයි.