Connect with us

Local News

කරදියාන කසල කන්දේ අවධානම අඩු කිරීමට පියවර…

Published

on

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා පදනම් කරගනිමින් , දැඩි පාරිසරික හානියකට මග පාදා ඇති කරදියාන කසළ කන්දේ පවතින අවදානම අවම කිරිම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකාරණ අධිකාරිය ප්‍රකාශ කර සිටියා.

කරදියානට පළාත් පාලන ආයතනවලින් රැගෙන එන කසල ප්‍රමාණය ද අඩු කිරීමට පියවර ගෙන ඇති අතර නොදිරන අපද්‍රව්‍ය කළමනාකරණයටද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව එහි අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා සඳහන් කර සිටියා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කසළ කන්දේ අවදානම් තත්වය පිළිබඳ පසුගියදා සිය පරීක්ෂණවලින් තහවුරු කළ අතර ඒ අනුව අවට පවුල් කිහිපයක්ද ඉවත් කෙරිණ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ දුරකථන යථ තත්වයට…

Published

on

By

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ දුරකතන අංක යථා තත්ත්වයට පත් කර ඇති අතර එම දෙපාර්තමේන්තුවේ දුරකතන අංකයන් පහතින්.

0112422222
0112422223
0112686087
110

Continue Reading

Local News

ඉන්ධන මිලෙහි වෙනසක්..

Published

on

By

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 318 කි.

නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 385කි.

Continue Reading

Local News

වෛද්‍ය ෂාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ භාර ගනී…

Published

on

By

අද (30) සිට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කර තිබෙනවා.

ඒ ඔහු නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමු කිරීම්‍රන් අනතුරුවයි.

වෛද්‍ය ෂාෆිට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇති අතර ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කළ විද්වත් කමිටුවක සොයාගැනීම් මත මෙම තීරණය ගෙන ඇති බව එම ලිපියේ සඳන් තිබිණි.

සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා සඳහන් කළේ කමිටු වාර්තාවට අනුව, ලිඛිත හා වාචික සාක්ෂි චෝදනා සනාථ නොකළ හෙයින් අදාල විනය ක්‍රියාමාර්ග අවසන් කල බවයි.

Continue Reading

ප්‍රවණතාවන්