තලාව ප‍්‍රදේශයේ රජමහ විහාරස්ථානයක තුළ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු විසින් කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබේ.
මෙලෙස අපයෝජනයට ලක්ව තිබුණේ බාල වයස්කාර පිරිමි දරුවෙක් වන අතර 2013 වසරේ ජූනි මස 1 වන දින සිට එම මාසයේ 30 වන දින දක්වා අතර කාලය තුළ එම දරුවා අපයෝජනය වී තිබුණි.
වරදකරු විසින් වරින්වර විහාරස්ථානය තුළදීම එම දරුවා අපයෝජනය කර ඇති බව අනාවරණය වී ඇත.
චිත්‍ර ශිල්පියාට එරෙහිව අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 06ක් ගොනු කර තිබුණ අතර ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කර තිබේ.
