60 views 0 secs 0 comments

පේරාදෙණිය මහනුවර අතර දුම්රිය සේවාව තාවකාලිකව නවතී…

In Local News
June 11, 2025

පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මහනුවර අධිකරණ සංකීර්ණයට ආසන්නව පිහිටි දුම්රිය මාර්ගය ගිලා බැසීමක් සිදුවීම මේ සඳහා හේතුව වී ඇතැයි දුම්රිය බලධාරීන් පවසති.

මෙම තත්ත්වය මත පීඩාවට පත් යාත්‍රාකරුවන්ට අවාසියක් නොවන ලෙස මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.