75 views 2 secs 0 comments

හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම්..

In Local News
March 10, 2025

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 07 වනදා දැනුම් දී තිබූ අතර යම් හෙයකින්
හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් පසු 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පවත්වන්නේ නම් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

පහත සඳහන් දුරකථන අංක වෙත එම තොරතුරු ලබාදිය හැකි බව පොලිසිය සඳහන් කලා.

පොලිස් මූලස්ථානය – 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව – 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 011 278 4208 / 011 278 4537