71 views 0 secs 0 comments

GMAO වර්ජනය තාවකාලිකව අත්හිටුවයි..

In Local News
March 05, 2025

හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියටද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබූ අතර අද (5) පස්වරුවේ දී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය ගත්බව එම සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මෙම වර්ජනය මාර්තු මස 17වනදා උදෑසන 8 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේන බවයි වාර්තා වන්නේ.