
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉදිරි මාස හතර අවසන් වන විට මෙරට තුළ විශාල ආහාර අර්බුධයක් හටගන්නා බව ප්‍රකාශ කර සිටියා.
කාබනික දියර පොහොර සියලුම බෝග සඳහා එකවර යෙදීමේ තීරණය තුළින් සෑම බෝගයකම වර්ධනය අඩාලවී ලැබෙන අස්වැන්න අඩු විය හැකි බවයි ඇය ප්‍රකාශ කලේ.
මෙය බෝග කිහිපයකට භාවිතා කර එහි ප්‍රතිඵල මත පසුව අනෙකුත් බෝග සඳහා යෙදිය හැකිද යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුතුව තිබූ බවයි ඇය පෙන්වා දෙන්නේ.