145 views 0 secs 0 comments

IMF විධායක කමිටුව මඟින් ලංකාවට ලබාදීමට නියමිත ණය අනුමත කිරීම අද…

In Local News
March 20, 2023

අද (20) දිනයේ මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කල අතර එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන් වේ.

එම මාධ්‍ය සාකච්ඡාව හෙට (21) උදෑසන පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.