ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය යටතේ ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක තුළ මෙරටට නිදහස් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කළේය.
මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රුවර් ප්‍රකාශ කර සිටියා.
