155 views 0 secs 0 comments

රටේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ජ්‍යාත්‍යන්තර ප්‍රජාව සුභවාදීයි – මුදල් රාජ්‍ය ඇමති.

In Local News
July 02, 2024

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳ සියලු අවිනිශ්චිතතා විසඳා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය. රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබවාදීව සිටින අතර ඇතැම් ප්‍රාදේශීය පක්ෂ දේශපාලන හේතූන් මත සැකයෙන් පසුවන බව ඔහු අවධාරණය කළේය. සේමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (02) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති “ස්ථාවර දේශයකට සාමූහික මාවත” යන මැයෙන් මාධ්‍ය හමුවට එක්වෙමිනි.