Connect with us

Local News

සීගිරි කලාපය සංරක්ෂණය කිරීමට නව යෝජානාවලියක් සහ වැඩසටහනක්…

Published

on

සංචාරකයින්ගේ විශේෂ අවධානයට ලක්වන ලෝක උරුමයක් වූ සීගිරිය සුරක්ෂිත කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා රජය දැඩි අවධානය යොමුකර ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ අනෙක් රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එක්වූ කමිටුවක් විසින් සීගිරි උරුමය ආරක්ෂා කිරීම සඳහා නිර්දේශයන්ගෙන් සමන්විත වාර්තාවක් සකසා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතාට පසුගිය දිනක භාරදුන් බව දැක්වෙයි.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, සීගිරි පර්වතය වටා මීටර් 200-400 ක ප්‍රදේශය සංවේදී කලාපයක් බැවින්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජීවිතයට හානි නොවී පාරිසරික හා සන්ස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් එම ජනතාවට වෙනත් ජීවනෝපායන් ලබාදීමෙන් ඔවුන් එම ස්ථානවලින් ඉවත් කළ යුතු බවයි.

සීගිරි චිත්‍ර, පර්වතය, කුරුටු ගී සහ අවට හරිත භූ දර්ශනය සුරක්ෂිත කිරීම අනාගත පරපුර සඳහා මහඟු වගකීමක් වන අතර, මෙය ක්‍රියාත්මක කළ යුත්තේ සුලොගිත් සැලැස්මක් යටතේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යාක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Continue Reading

Local News

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.

එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.

Continue Reading

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්