Connect with us

Local News

ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…

Published

on

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qඉ-Zහෙන්හොන්ග්) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් අද දින (22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු විය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය, අර්බුදකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යන කරුණු සම්බන්ධව අවධානය යොමු විය.

සෑම අවස්තාවකදීම චීනය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිඹඳව ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, මින් ඉදිරියටද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළේය.

මෙම අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව වෙත හැකි සෑම උපකාරයක්ම කරන බවට තානාපතිවරයා එහිදී සඳහන් කල අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහාද චීන රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කලා.

තානාපතිවරයා නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීම පිළිබඳව අමාත්‍යවරයා වෙත සිය සුභාෂිංසන පළ කිරීමද සිදු කළේය.

Local News

“වනස්පති” යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ….

Published

on

By

“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද (15) දින උදෑසන ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ, සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී “වනස්පති” ජාතික වැඩසටහන පැවැත්විණ.

ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ “වනස්පති” – ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය.

නව රජයේ පරිසර ප්‍රතිපත්තියේ කරුණු ඉටු කරමින් ද පරිසර අමාත්‍යංශයේ අරමුණු සහ පැරිස් සම්මුතියට දක්වන එකඟතාවක් ලෙස ද ජල මූලාශ්‍ර, සතුන් සහ ශාක ආරක්ෂා කරන වනාන්තර, රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන වනස්පති නමින් අද දින (15) ආරම්භ වේ. පැරිස් සම්මුතියට ශ්‍රී ලංකාව දක්වන එකඟතාවක් ලෙස 2030 වසර වන විට ලංකාවේ වන ආවරණය 32 % දක්වා වර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතී.

ඒ අනුව,නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ සියලු වන සතුන්ගේ ආහාර සහ ජල අවශ්‍යතා සැපරීමට අදාළ පාරිසරික පද්ධති සුපෝෂණය කිරීම සඳහාත්, ස්වභාවික වනාන්තර ආවරණය පරිසර සේවා පවත්වාගෙන යාමට හැකි වන පරිදි කළමනාකරණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ඉදිරි පියවරක් ලෙසද ජගත් පරිසර දින ආරම්භ වූ පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියේ දිගුවක් ලෙස ද වනස්පති ජාතික වැඩසටහන දීර්ඝ කාලීනව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.

ඒ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් වනු ඇත. මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල අඩවියේ ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තරත් – සියඹලාණ්ඩුව අඩවියේ අඹත්තාහෙල රජයේ වනාන්තරයත්, වැල්ලවාය අඩවියේ කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තරත් අද (15) දින සිට නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව අඩවියේ පාලකුඩා කඩොලාන වනාන්තරය, අම්පාර අඩවියේ කරංගාව රජයේ වනාන්තරය, මහඔය අඩවියේ බදුලුගොඩ රජයේ වනාන්තරය සහ ලාහුගල අඩවියේ පානම උතුර රජයේ වනාන්තර ද අද (15) දින සිට රක්ෂිත ලෙස ගැසට් කළ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අඩවියේ රිලාගල සහ රජගල රජයේ වනාන්තර ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට අද දින සිට ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, වන සංරක්ෂක ජනරාල් සී.එස්. පාලමකුඹුර මහතා, අමාත්‍යංශයේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මීරිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා, සංගීතවේදී සංගීත් විජේසූරිය සහ සාගර විජේසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Continue Reading

Local News

2025 ලෝක තරුණ නිපුණතා දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක්…

Published

on

By

2025 ලෝක තරුණ නිපුණතා දිනය සැමරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය විසින් අද (15) දිනය පුරාවට දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි.

2014 වර්ෂයේ ලෝක තරුණ නිපුණතා දිනය සම්බන්ධයෙන් යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ද ශ්‍රී ලංකාව විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේ සිට “ලෝක තරුණ නිපුණතා දිනයක්” ලෝකයටම නම් කරන ලද අතර එය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ලද විශාල ජයග්‍රහණයකි.

ඒ අනුව මෙවර “කෘත්‍රිම බුද්ධිමය සහ ඩිජිටල්කරණය තුළින් තාරුණ්‍යය සවිබල ගැන්වීම” යන තේමාව මුල් කර ගනිමින් මාතර, කුරුණෑගල සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වල සැමරුම් උත්සව රැසක් සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන සැමරුම් උත්සවය අද පස්වරුවේ ඔරුගොඩවත්ත කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, අතිරේක ලේකම් (පාලන) සමන්ති මිහිඳුකුල, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක, අතිරේක ලේකම් (නිපුණතා ආංශික සංවර්ධන) හිමාලි අතාවුදගේ, අතිරේක ලේකම් (කාර්‍ය සම්පාදන) ජී.සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන) ඩබ්.ඒ.ආර්.බී.වීරසේකර යන මහත්ම මහත්මීන් පිරිසක්ද, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සහ අනෙකුත් වෘත්තීය අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක්ද, අධ්‍යාපනය ආයතන වල ඉගෙනුම ලබන සිසු දරුදැරියන් රැසක් ද එක්ව සිටියහ.

Continue Reading

Local News

මුහුදු රළ සහ තද සුළං පිළිබඳ අවවාදයක් නිකුත් කරයි

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) නිකුත් කර ඇත.

මෙම අවවාදය පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විහිදී යන වෙරළබඩ මුහුදු ප්‍රදේශවලට අදාල වේ.

මෙම ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී. 50–60 දක්වා වැඩිවිය හැකි අතර, මුහුද රළු හෝ ඉතා රළු වන බවද දැක්වෙයි. මුහුදු රළ උස මීටර් 2.5–3 දක්වා ඉහළ යා හැකි බැවින් රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව නාවිකයින් සහ ධීවරයින්ට විශේෂ අවධානයෙන් මෙවැනි වාතාවරණ තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන්නැයිද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Continue Reading

ප්‍රවණතාවන්