Connect with us

Local News

රුසියානු ජනාධිපති පුටින්ගෙන් හිටපු ජනපති මෛත්‍රීට ලිපියක් …

Published

on

ඇඑරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදී. ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත්, එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමයට මරු පහරක් වන බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් අදාල ලිපියෙන් එතුමා ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු යුරි මැටෙරි මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා ගේ පිළිතුරු පණිවුඩය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලදී.එම ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂා කරන ආකාරයට ලබා දීමට මැදිහත් වන බව සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බව රුසියානු තානාපතිවරයා මෙහිදී පැවසීය.

තවද තානාපතිතුමන් සඳහන් කර සිටියේ තෙල් අර්බුදය සහ පොහොර ගැටළුව පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි වන අතර ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන අතර මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරයි නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බව සඳහන් කරන ලදී.

21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අපේක්ෂා කරන ව්‍යුහය පිළිබඳව දීර්ඝව මෙහිදී තානාපතිවරයා සාකච්ඡා කර අතර දෙරටේ තිබෙන්නා වූ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කරන ලදි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වේ. සිංහල අධ්‍යයන අංශයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඔහු, මිය යන විට වියත් වූයේ වසර 73කි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

මෙම අවාසියි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සම්මානනීය ආචාර්යයෙකුගේ අහිමිවීම විශාල අලාභයක් ලෙස සැලකිය හැකිය.

Continue Reading

Local News

තද වැසි හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් විවෘත කරයි…

Published

on

By

පවතින තද වැසි තත්ත්වය හමුවේ, අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බව මහවැලි ඉංජිනේරු කාර්යාලය පවසයි.

මෙය සිදුකරනු ලැබූයේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහාය.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තප්පරයකට ඝණ අඩි 4500ක ජල ප්‍රමාණයක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Continue Reading

Local News

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් වැඩ වර්ජනයක….

Published

on

By

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (28) මධ්‍ය රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනුයේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබාදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මතය.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ට ආරම්භ වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගය නිසා තැපැල් සේවා සම්බන්ධයෙන් සමහර ප්‍රදේශවලට බලපෑම් ඇතිවිය හැකි බැවින්, මහජනතාවට මෙය සලකා බලමින් කටයුතු කරන ලෙස අවධානය යොමු කෙරේ.

Continue Reading

ප්‍රවණතාවන්