හෙට (24) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙනි.
ඊයේ (22) දිනය වන විට ජල විදුලිය නිෂ්පාදනය සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 25 දක්වා පහළ බැස ඇති අතර ගල්අඟුරු, ඩීසල් හා දැවිතෙල් මගින් සැපයූ විදුලි ප්‍රමාණය සියයට 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අවශ්‍ය දැවිතෙල් අවසන්වීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙනවා.
එළඹෙන අඟහරුවාදා දිනය වනවිට මෙගාවොට් 183ක් පමණ ජාතික පද්ධතියට අහිමිවීමට නියමිත බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ.