Connect with us

Local News

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා තරඟ විභාගය එළඹෙන 27 දින…

Published

on

වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක වෘත්තීන් ලෙස වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය 2025 අප්‍රේල් මස 27 වන ඉරුදින පැවැත්වීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන II) චාමික එච්. ගමගේ මහතා සඳහන් කළේය.

මෙම තරඟ විභාගය සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට මේ වන විට ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති අතර, අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 600 කට අධික බවද වැඩිදුරටත් අනාවරණය විය.

විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ලෙස කොළඹ හෙද විදුහල, කඳාන හෙද විදුහල, කොළඹ පශ්චාත් හෙද විදුහල සහ කාසල්වීදිය කාන්තා රෝහල නම් කර තිබේ.

අදාළ තරඟ විභාගය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ ලබාගත හැක.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්