
ඉකුත් 01වනදා සිට 05 වනදා දක්වා ප්‍රමාද වී තිබු ආසාදිතයින් ගණන 2,950 දෙනෙකු බවට වාර්තා අද (07) ලැබීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පුද්ගලයින් 468,899ක් දක්වා ඉහළ ගියේය.
ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතවී ප්‍රතිකාර ලබමින් පසුවන රෝගීන් සංඛ්‍යාව 72,070 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.