199 views 0 secs 0 comments

එක්දින තරඟයේ ජය ලංකාවට…

In Sports
September 07, 2021

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති අවසාන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 47ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස්කළා.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් කඩුලු 3ක් දවාගත් අතර ජෝර්ජ් ලින්ඩේ සහ ටබ්රායිස් ෂම්සි කඩුලු දෙක බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ, ලකුණු 125ක් පමණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 22ක් රැස්කළ අතර ජෝර්ජ් ලින්ඩේ ලකුණු 18ක් රැස්කළේය.

පන්දු යැවීමේදී තම එක්දින පළමු තරඟය ක්‍රීඩාකළ මහේෂ් තීක්ෂණ කඩුලු 4ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවා ගත්තේය.

ඒ අනුව ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තීක්ෂණ ගේ පන්දු යැවීම මංගල එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වෙයි.