183 views 0 secs 0 comments

පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

In Local News
October 28, 2022

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලෝක නගර දිනයට සමගාමීව සෑම සිකුරාදා දිනකම පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ලබන සිකුරාදා සිට සතියේ සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව යි. සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහිකිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ ප්‍රධාන මාර්ගවලට අමතරව අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.