203 views 0 secs 0 comments

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

In Local News
October 28, 2022

කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.