
ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවත් කර ඇති අතර ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස ආයතනය පවසනවා.
අද වනවිට ඕනෑම සතොස වෙළඳසැලක තත්වයෙන් උසස් වූ භාණ්ඩ තොග අවශ්‍ය ප්‍රමාණයට පවතින බව ද ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කර සිටියා.