
2022 වසරේ පාසල් ආරම්භය හා විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේ කරුණු පැහැදිලි කළා. 2021 දෙසැම්බර් මස 23 වනදා පාසල් වාරය අවසන් වන අතර යළිත් ජනවාර් 3 වනදා ආරම්භ වේ. අමාත්‍යවරයා සඳහන් කළේ මේ අවුරුද්දට නියමිත පාසල් වර්ෂය අප්‍රේල් මාසයෙන් අවසන් වන බවයි .
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මාසයේ තුන්වෙනි සතියේ පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ ආරම්භ වනවා. 2021 වසරේ අපොස සාමාන්‍ය පෙළ විහාගය මැයි මාසයේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.