171 views 2 secs 0 comments

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ණය සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණේ: රොයිටර් පුවත් සේවය

In Local News
August 31, 2022

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හදිසි ණයක් සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇති අතර ඒ පිළිබඳ විධිමත් නිවේදනයක් හෙට (සැප්තැම්බර් 1 වැනිදා) සිදුකිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ඊයේ ප්‍රකාශ කළේ ඇපදීමේ පැකේජයක් ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව “හොඳ ප්‍රගතියක්” ලබා ඇති බවයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී අපි හොඳ ප්‍රගතියක් ලබා ඇති බව මට ප්‍රකාශ කළ හැකියි. IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් වන පළමු සන්ධිස්ථානයට ලඟා වීමට අපට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙමු,” මහ බැංකු ප්‍රධානියා කොළඹදී වාර්තාකරුවන්ට පැවසීය. “අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එම එකඟතාවයට පැමිණි පසු, එයින් අදහස් වන්නේ අප අතේ විශ්වසනීය වැඩපිළිවෙලක් ඇති බවයි.”