අද (15) දිනයේත් විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට, අවසර ලබාදී තිබේ.
P, Q, R ,S ,T, U, V ,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9 .00 සිට සවස 5 .00දක්වා පැය 2ක කාලයක්ද, සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාල සීමාව තුළ පැයක කාලයක්ද විදුලි කප්පාදුව සිදු කරන අතර A, B, C, D, E, F, G,H, I, J, K, L ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය දෙක හමාරක්ද, සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු 15 ක කාලයක්ද විදුලිය කප්පාදු කෙරේ.