එකිනෙකට බැඳී පවතින ආගම්වාදය සහ ජාතිවාදය බැහැර කළ යුතු බවත්, ඓතිහාසික වශයෙන් ගැටුම්වලට තුඩු දුන් ජාතිවාදය මෙන්ම දේශපාලන හා ආගමික වාසි සඳහා යොදාගත් ආගම්වාදය පසෙකලා, සංහිඳියාව තුළින් සංවර්ධනයක් ඇති කිරීමට රජය කැපවී සිටින බවත් “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය
