162 views 0 secs 0 comments

දිවි සැරිය නිමා කල ගායන ශිල්පියා….

In Local News
March 28, 2023

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 81 වන වියේ පසුවූවා.

ගුවන්විදුලිය, සිනමාව, වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය රැසකට ගීත ගායනයෙන් දායකවී ඇති ඔහු ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය හා චිත්‍රපට, ටෙලිනාට්‍ය රාශියකට ම සිය ප්‍රශස්ත සංගීත නිර්මාණ දායකත්වයද ලබාදී තිබෙනවා.

සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.