2 views 0 secs 0 comments

පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය වෙනස් නොකළහොත් ගුරු වෘත්තීය ක්‍රියාමාර්ග…

In Local News
November 04, 2025

පාසල් පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය වෙනස් කිරීමට රජයට නොවැම්බර් 07 වන දින දක්වා කාලයක් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඔවුන් කියාසිටිනේ, එම තීරණය අහෝසි නොකළහොත් දෙසැම්බර් පළමු සතියේදී දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, රජය ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ අදහස් නොසලකා ගෙන මෙම තීරණය ගත් බවත් එය නැවත සලකා බැලිය යුතු බවත්ය.