207 views 0 secs 0 comments

QR ක්‍රමය ඉවත් කිරීමේ තීරණයක් නැහැ – කංචන විජේසේකර

In Local News
February 27, 2023

ඉන්ධන සඳහා ක්‍රියාත්මක QR ක්‍රමය අප්‍රේල් 10 වනදා වන විට අවලංගු කිරීමේ තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම දැනට වෙන් කර ඇති කෝටාව ක්‍රමයෙන් වැඩි කිරීමට අදාළ දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව එම ටුවිටර් පණිවිඩයේ සඳහන් ය.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර පද්ධතිය පිළිබඳව තීරණයක් ගන්නා බව ද කංචන විජේසේකර මහතා පවසයි.