168 views 0 secs 0 comments

ලෙඩ නිවාඩු ගිය විදුලි සේවකයින්….

In Local News
February 27, 2023

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව විදුලි සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වෙනවා.

ඒ අනුව අද දිනයේ ලංකාව පුරා විදුලි සේවකයන් කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ.