Connect with us

Helth

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවෙහි දැක්වූ අදහස්..

Published

on

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

සති දෙකකට රට වහන්න කියලා කිව්වේ බීජ ඖෂධ සමය සති දෙකක් යන නිසයි සංචරණ සීමා ඇති කළ මුල් කාලයේ රෝගීන් වැඩි වුණා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිසා වැඩි වීමක් දක්නට ලැබෙනවා අන්තර්පුද්ගල සම්බන්ධතා සීමා නොකළහොත් පලක් වන්නේ නැහැ යම් මොහොතක ලිහිල් කරන අවස්ථාවක විවිධ අංශය භාරව සිටින බලධාරීන් අවශ්‍ය කරන සීමාවන් තුළ කරන සැලසුම් දැම්ම ආරම්භ කරන්න ඕනේ විශේෂයෙන් බස්රථ සහ දුම්රිය වල දුම්රියවල පොදි ගැහිලා ගියොත් මුල් අවධියට ම යන්න වෙනවා දින කිහිපයක් තියෙන නිසා තමන්ගේ විෂය පථයට අදාළ අංශ වලට සෞඛ්‍ය ක්‍රියාමාර්ග සකස් කර තබාගන්න එසේ නොකර අත බැඳගෙන ඉන්න එපා ප්‍රවාහන මාධ්‍යයට ඉතා වැදගත් බලධාරීන් කටයුතු නොකර සෞඛ්‍ය අංශවලට දොස් කියන්න එපා එසේ නොකළහොත් මුල් තත්ත්වයට අපි නැවත පත් වෙනවා
ඇති කළ සීමාවන් සම්බන්ධයෙන් දැනට සාර්ථකත්වය හා අඩුපාඩුකම් අපි හඳුනාගෙන තිබෙනවා තොරතුරු හොයාගෙන යනවා ඒ අදාළ කාරණා පිළිබඳ මාර්ග උපදෙස් හා අවශ්‍ය පියවර අරගන්නවා
නීති කඩන්නන් පොලිසි වලට බන්ධනාගාරවලට එකතු කළොත් එතැන පොකුරක් ඇතිවෙනවා ආර්ථික සමාජීය ලෙස එය බලපානවා
ජනගහනයෙන් සියයට විස්සක් එන්නත් ලබාදීමට කටයුතු කරලා තිබුණා සෑම කාර්තුවක මිලියන 1.5 බැගින් එන්නත් ලැබෙයි කියලා අපි හිතුවා නමුත් අපිට ඇස්ටාු සෙනෙකා පළමු මාත්‍රාව ලැබුනේ 264000 පමණයි දැනුත් ලැබෙන්නේ සීමිත ප්‍රමාණයක් එන්නත් ලැබෙන්නේ අපේ පාලනයෙන් තොරව නමුත් ලැබෙන විගස අපි එන්නත් කිරීමේ කටයුතු 60 ට වැඩි අයට ලබා ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කළා මේ වන විටත් එය කරගෙන යනවා
එන්නත් අපට අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා නම් දවසෙන් දෙකෙන් දෙන්න පුළුවන් අපට ලැබෙන්නේ සීමිත තොග ඒ අදාළ ප්‍රදේශවලට ලබා දෙනවා කෙසේ වෙතත් සියලු දෙනාට කවදාව හරි එන්නතක් ලැබෙනවා එම නිසා පොරකමින් පොදි
ගැසිමෙන් කටයුතු කරන්න එපා එමගින් ඇතිවන හානියට සෞඛ්‍ය අංශවලට චෝදනා එල්ල කරන්න එපා එසේ වුවොත් අපි එය ප්‍රතික්ෂේප කරනවා දිනකට ලක්ෂ පහක් එන්නත් ලබා දෙන්න අපට පුළුවන් නියමිත තොග අවශ්‍ය තරම් ලැබෙනවා නම් අපට එය ලබාදිය හැකියි

දත්ත නිවැරදිව ලබා දෙන්න පුළුවන් කමක් නෑ මේ සියල්ල කරන්නේ මනුෂ්‍යයන් දත්ත එකතු කිරීමේදී යම් යම් වැරදි වූවොත් එය නිවැරදි කිරීම කරනවා අදත් කරනවා ඉදිරියටත් කරනවා වසංගත රෝගවල මෙවැනි දේ සිදු සිදුවෙනවා අප දැනට ලබාදෙන දත්ත නැවත පසුව නිවැරදිව ලබා දෙන්න අපි කටයුතු කරනවා ඒක අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ සිදුවන්නක් නිවැරදි දත්ත නැවත පසුව ලබා දීමට කටයුතු කරනවා
ස්පුට්නික් එන්නත දෙවැනි මාත්‍රාව දිවයිනට පැමිණ තිබෙනවා මෙය පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් හට ලබාදීමට කටයුතු කරනවා දැනට පැමිණ තිබෙන එන්නත් තොග මහනුවර දිස්ත්‍රික්කයට ලබා දීමට කටයුතු කරනවා

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Helth

19 වනදා සිට නැවත සෞඛ්‍ය වර්ජන ඇරඹෙන ලකුණු…

Published

on

By

සෞඛ්‍ය වෘත්තිය සමිති එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියා..

බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවත්, සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවත්, අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Continue Reading

Helth

ඖෂධ මිල අඩුවෙන හැටි…

Published

on

By

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

Continue Reading

Helth

ඩෙංගු මර්දනයට ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර….

Published

on

By

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටි අතර එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් විසින් එම කටයුතු සිදුකරනු ඇති බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බවත්, ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 37,000 ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව්ත්, නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

මේ වන විට දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසකම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින අතර මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුණු ළමුන් තිස් දෙදෙනකු ප්‍රතිකාර ලබන අතර ඉන් දස දෙනෙකුට ඩෙංගු රක්තපාත තත්ත්වය පවතින බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ ය.

නිවසේ හෝ අසල නිවසක ඩෙංගු රෝගය වැළදුණු අයෙකු ඇත්නම්, ඔබටද ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

Continue Reading

ප්‍රවණතාවන්