181 views 0 secs 0 comments

ඩෙංගු අවධානම වැඩි වෙයි….

In Local News
February 28, 2023

මේ දිනවල පුත්තලම, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටියා.
කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, රත්මලාන, ගොතටුව, මහරගම යන ප්‍රදේශවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළේ.

මෙම වසරේ ගත වූ කාලසීමාවේ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 11,184 කි.