Connect with us

Local News

එක්කෝටි විසිලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගය…..

Published

on

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 71ක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා…

අදාළ සැකකරු ගමන් ගත් මෝටර් රථය හා ඔහු සන්තකයේ තිබු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් රුපියල් 289,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 11,000,000කට ආසන්න බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට අමතරව රත්මලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50ක් සමඟ 25 හැවිරිදි පුද්ගලයෙක් ද, ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් තොටලග ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 18ක් සමඟ 54 හැවිරිදි පුද්ගලයෙක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඊයේ (28) දිනය තුළ අත්අඩංගුවට ගත් හෙරොයින්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි විසිලක්ෂයකට ආසන්න බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට…..

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) පස්වරුවේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුව සිදුකළ බව සොයාබැලේ.

ඒ මහතා පෙර අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප මත මුදා හැරීමට ඉල්ලා අයදුම්පතක් ගොනු කළද, අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එය ප්‍රතික්ෂේප කරන ලදී.

Continue Reading

Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධිකරණයෙන් නොතීසි

Published

on

By

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (20) නොතීසි නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසිනි.

අල්ලස් කොමිසම විසින් ගොනු කළ මෝසමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තියට අනුව මෙම නොතීසි නිකුත් කරන ලදි.

Continue Reading

Local News

රත්නපුර මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා සංඛ මාපිටිගම

Published

on

By

රත්නපුර මහ සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා ලෙස සංඛ මාපිටිගම මහතා අද (20) තේරීපත් වී ඇත.

මෙය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව සිදු විය.

Continue Reading

ප්‍රවණතාවන්